Tuesday, June 5, 2012

**මධ්‍ය රේඛා නියාය.** **Center Line Theory**

මිනිස් ශරීරය යනු සමපාතික අංඟ සම වස්තුවකි. 
මිනිස් ශරීරය හරි මැදින් බෙදුවහොත් සමාන කොටස් 2 කට බෙදෙන අතර
එහි හරි මැදින් බෙදෙන ස්ථානය සරලව කිවහොත් මධ්‍ය රේඛාව ලෙස සැලකෙයි.
ශරීරයේ ලම්බ සමඡ්ඡේදකය ලෙස ඇත්තේද මෙම රෙඛාවයි.

Wing Chun වල හා Jeet Kune Do වල මෙම මධ්‍ය රේඛා නියාය ප්‍රධාන වශයෙන් සැලකෙයි.
Wing Chun යනු කෙටි පරාසයක් තුල ප්‍රථිවාදියා සමග සටන් වදින ශෛලියකි.
Jeet Kune Do යනු දිග පරාසයක් තුල ප්‍රථිවාදියා සමග සටන් වදින ශෛලියකි.
ශරීරයේ පවතින දුර්වල සහ හානිදායකම ස්ථාන පිහිටා ඇත්තේ මෙම මධ්‍ය රේඛාව තුලය.
සටනෙදි අප මධ්‍ය රේඛාව ආරක්‍ෂාකරගනිමින් සතුරගේ මධ්‍ය රේඛාව තුලට පහරදීම Wing Chun හි ඇති ලක්‍ෂණයයි.
නමුත් Jeet Kune Do වලදී මධ්‍ය රේඛාව ආරක්‍ෂාකරගනිමින්,
මග හරිමින්, සතුරගේ මධ්‍ය රේඛාව තුලට පහරදීම මෙහි ඇති ලක්‍ෂණයයි.

Wing Chun වල මෙම මධ්‍ය රේඛාව ආරක්‍ෂාකරගැනීමට
Siu Lim Tao (Little Idia) වැනි පාරම්පරික භාවනා ක්‍රම ඇතුලත් වේ.
මෙම මධ්‍ය රේඛාව ඉදිරිපසට පමණක් අවේණික නොවන අතර පිටුපස ශරීරයටද බලපානු ඇත.
මන්ද මිනිස් සිරුරේ ඇති දරුණුතම නිල ස්ථාන පිහිට ඇත්තේ ඉදිරිපස සිරුරේ නොව පිටුපස සිරුරේ බැවිනි.

මධ්‍ය රේඛාවේ ඇති නිල ස්ථාන.

3වෙනි ඇස- 3rd Eye
උගුරු දණ්ඩ- Throat
ළැමැද- Middle Dantian
බල ගබඩාව- Solar Flexces
වෘෂණ කෝෂ- Testis

මෙහි බල ගබඩාව- Solar Flexces නම් මිනිස් සිරුරේ ඇති දරුණුතම නිල ස්ථානය හා ක්‍රියාත්මක නොවුණු නිල ස්ථානයයි.
මෙය ශක්තිමත් කිරීමට බුදුදහමේ ආනපාන සති බවනාව ප්‍රමාණවත් වේ.
(මෙය ආරම්භ කිරීමට බල ගබඩාව- Solar Flexces නම් ස්ථානයට සිත යොමුකළ යුතු වේ.)

~All Rights [KiK BoYz*] WING CHUN KUNG FU Reserved~

Like, Comment, Share Our Page

[KiK BoYz*] WING CHUN KUNG FU: [https://www.facebook.com/pages/KiK-BoYz-WING-CHUN-KUNG-FU/148394891914963]

Our Blogspot [http://www.kikboyz.blogspot.com/]

Our YouTube Channel [http://www.youtube.com/channel/UCaKFX5P_r49Pttxy9GJa3XQ?feature=guide]

E-Mail Us: boyzkik@gmail.com